මෙවර අයවැයෙන් වෙන්වූ මුදල් පළාත් පාලන මැතිවරණයට ලබාදෙන ලෙසට විපක්ෂය ඊයේ (28) කතානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්නැයි ආණ්ඩුවේ සියළුම පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.
ආණ්ඩු පක්ෂයේ සියළුම පක්ෂනායකයෝ අද (1) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසුණු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා මේ බව අවධාරණය කළේය. විපක්ෂය නියෝජනය කරන පක්ෂ කීපයක් ඊයේ (28) කතානායකවරයා මුණගැසී ඉල්ලීම් කර තිබුණේ මෙවර අයවැයෙන් වෙන් වු මුදල් පළාත් පාලන මැතිවරණයට භාවිත කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඊට අමතරව මේ සම්බන්ධයෙන් විමසීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙසට විපක්ෂයේ පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටියෝය. ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා කියා තිබුණේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව අද (01) දහවල් අදාළ සාකච්ඡාව පැවැත්වුණි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදි වැඩිදුරටත් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවීමට තමන්ට බලතල නැති බවයි. විපක්ෂය පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන ලෙස ඉල්ලා සිටිය ද ඒ සඳහා තමන්ට බලතල නැතැයි කතානායකවරයා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කළේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුන එකිනෙකට යටත් නොවන ආයතන තුනක් බවයි.
මුදල් කමිටු සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම සිදු ව ඇත්තේ තර්ජනය කිරීම් නිසා බවට තොරතුරු ලැබී ඇතැයිමෙහිදි පෙන්වා දුන් පක්ෂ නායකයන් එය මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බැවින් ඒ පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධෙයන් පරීක්ෂා කිරිම සඳහා තේරීම් කාරක සභාවක් හෝ පත් කරන ලෙසත් ඉල්ලා සිටියහ.
