වත්මන් ආණ්ඩුවේ දීර්ඝතම වේලාවක් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ (21දා) පැවැත්විණි. ඒ අනුව පැය 05ක කාලයක් කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීම ඊයේ පස්වරු 05ට ආරම්භ වී ඇති අතර, එය අවසන් වී ඇත්තේ රාත්රී 10ට බවද වාර්තා විය.