ආණ්ඩුවේ කෙනෙක්ගෙ නම් සමාජ ප්‍රාග්ධනයක් විපක්ෂයේනම් හොරකමක්
"ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක් විපක්ෂයේ රාජ්‍යයේ අයට තිබුනොත් ඒක හොරකමක්" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ කැලණිය මහා විහාරයේ ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.
"සමාජ ප්රාග්ධනය කියලා එකක් තියනවනේ ඒ ගැන මේ දවස්වල අධ්‍යනය කරනවා.ආණ්ඩුවේ අයට මොකක් හරි හම්බවුණොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. රාජ්‍ය සේවකයෙට මොකක් හරි හම්බ වුණොත් විපක්ෂයෙ දේශපාලනඥයන්ට මොකක් හරි වත්කමක් තිබුණොත් ඒක හොරකමක්.දැන් ආණ්ඩු පක්ෂයේ අයට සහ ජේවීපී එකේ අයට තියෙන්නේ සමාජ ප්රාග්ධනය එයාල කියන විදියට.හැබැයි රාජ්‍ය සේවකයෝ විපක්ෂයේ ඉන්න අයට තියෙන්නේ හොරකම් කරපුවා.ඉතින් ඒ ගැන මේ දවස්වල අධ්‍යයනය කරනවා.
එදා වේදිකාවේ බොරු චෝදනා නැගුවා ලැම්බොගිනි ගැන රත්තරන් අශ්වයෝ ගැන කිව්වා ඩොලර් බිලියන 18ක් උගන්ඩාවට ගෙනිච්ච කිව්වා ඉතිං එදා නොයෙක් චෝදනාා නැගුවා විපක්ෂ දේශපාලන වේදිකාව ඇතුළේ.හැබැයි අද බාල ගල් අඟුරු වංචාවට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධයිනේ. දැන් ඉතින් ජනාධිපතිවරයාගේ හොඳම ගෝලයානේ ඇමැතිවරයා බවට පත් කළේ.ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා විදියට අපේ චන්ද්‍රිකා මැඩම්ලා එක්ක දේශපාලනය කරනකොට එදා තිබිච්ච ලොකුම ටෙන්ඩරය තමයි පොහොර ටෙන්ඩරය ඒකෙ ප්‍රධානියා බවට පත් කරපු කෙනා අද ඔහු ජනාධිපතිවරයා බවට පත්වුණාම දැන් යන ලොකුම ටෙන්ඩරය යන්නේ ගල් අඟුරු ටෙන්ඩරය.
ඒකෙ කැබිනට් අමැතිවරයා බවට පත් කළා.දෙන්න එකතුවෙලා වැඩේ කරලා දැන් ඉස්සෙල්ලා අයින් වෙන්නේ කවුද කියලා වෙන්නැති දෙන්න කල්පනා කරනවා ඇත්තේ.ඒක හින්දා ඒක ඒ දෙන්න කල්පනා කර ගත්තු දෙන්. හැබැයි ඉතින් මේ රටේ අහිංසක ජනතාව තමයි අන්තිමට ඒ පීඩාවේ පාඩුවේ වගකීම්කාරයෝ බවට පත්වෙලා තියෙන්නේ.ඉතින් ඒ අයගේ විදුලි බිල වැඩි වෙනවා තෙල් මිල වැඩි වෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
