ඉදිරියේදී පිහිටවනු ලබන ආණ්ඩුවකට සහාය ලබාදෙන්නේ කුමන ආකාරයකටදැයි යන්න පිළිබඳව තිරණය කිරීම වෙනුවෙන් කරුණු 7ක් සම්බන්ධයෙන් පිළිතුරු විමසා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන මනූෂ නානායක්කාර මහතා හා හරීන් ප්රනාන්දු මහතා ලිපියක් යොමුකර තිබේ.
දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම, වෙනස් නොවන ස්ථිර ප්රතිපත්ති සකස් කිරිම, රාජපක්ෂවරුන්ගෙන් හා ඔවුන්ට සම්බන්ධ අයගෙන් මුදල් නැවත ලබාගැනිම, ගෝඨාගෝහෝම් වෙනුවෙන් ගන්නා වූ ක්රියාමාර්ග යනාදි කරුණු 7ක් වෙනුවෙන් පිළිතුරු මෙම ලිපිය හරහා ඔවුන් අග්රාමාත්යවරයාගෙන් බලාපොරොත්තු වෙයි.

