ආණ්ඩුවට බහුතරය නැති බව පෙන්වීමට තිබූ අවස්ථාව සමගි ජන බලවේගයේ ක්‍රියාමාර්ගය නිසා අහිමි වී ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ නියෝජ්‍ය කථානායකධුරය සඳහා පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 148ක් ලැබුණ බවත් එහිදී ස්වාධීන වූ මන්ත්‍රී 40 ඉවත් කළ විට ආණ්ඩුවට ඇත්තේ ආසන 108ක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙයින් තවත් මන්ත්‍රීවරු 10ක කණ්ඩායමක් හා ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරු 13ක් ආණ්ඩුව පිළිබඳව කනගාටුවෙන් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.
නියෝජ්‍ය කථානායකධුරයට සජබයෙන් අවසන් අවස්ථාවේදී නමක් ප්‍රකාශ කර ස්ථිර කිරීම හරහා විපක්ෂය තුළ බෙදීමක් ඇති කිරිමට සජබය කටයුතු කළ බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.