ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව බදාදා (04දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් 'අද' පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිෙමන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එනු ලබන දෝෂාභියෝග යෝජනාව මෙම සතියේ කථානායකවරයාට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.
මේ අතර, විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාවට මුහුණදීම සඳහා ආණ්ඩු පක්ෂය සූදානම්ව සිටින බවත්, කෙසේ වෙතත් විපක්ෂයේ බෙදීම් තිබෙන බැවින් විශ්වාසභංග යෝජනාව හරහා විපක්ෂයේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නොහැකි වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.
මේ අතර විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝගය භාරදීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (01දා) සමගි ජන බලවේගයේ මැයි දින රැළියට එක්වෙමින් මෙලෙස වැඩිදුරටත් අදහස් පළ කළේය.
"නිදහස ලබාදීමේ පුරෝගාමියා වූ ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුව ඉදිරිපිට ඉඳලා කියනවා ඊළඟ නිදහස් අරගලයේ නායකයා සජිත් ප්‍රේමදාසමයි කියන එක. අනිද්දාට විශ්වාසභංගයයි, දෝෂාභියෝගයයි යන දෙකම අපි ගේනවා. ඒ ගෙනාපුවාම අපි ඔබතුමන්ලාට ෆෝන් එකේ ෆේස් බුක් එකෙන් බලන්න පුළුවන් ගමේ කවුද ඡන්දේ දුන්නේ, ගමේ කවුද ඡන්දේ නොදුන්නේ කියලා.
ඔන්න අපි හොරු එළියට ගේන්න හදන ක්‍රමේ. දැන් ඩබල් ගේම්කාරයේ ඔබතුමන්ලාගේ ෆේස් බුක් එකෙන් පෙනෙයි ඡන්දේ දීලද නැද්ද කියලා. විවෘත ආරාධනාවක් කරනවා ගමට එන්න දෙන්න එපා විශ්වාසභංගයට අත්සන් නොකර."
දිනේෂ් සමරකෝන්