ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත්කිරීම ගැන අවසන් තීරණය අද (29දා) දිනයේදී ගැනීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී මෙම තීරණය ගැනීමට නියමිතය.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටවූ අතර එයට පුද්ගලයන් 10ක් එක්වෙයි. ඒ අතරින් පුද්ගලයන් 3ක් සිවිල් නියෝජිතයන් වෙයි.