ආණමඩුව සමූපකාර ඉන්ධන හලින් පෙට්‍රල් ලබා ගැනිමට අද (22දා) උදෑසන සිට යතුරු පැදි 2000 කට වැඩි සංඛ්‍යාවක් පෝලිමේ රැඳී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
දින කිපයක් සමූපකාර ඉන්ධන හලේ පෙට්‍රල් නොතිබූ බවත් අද අලූයම පෙට්‍රල් බවුසරයක් පැමිණිමේ ආරංචිය පැතිරි යාමත් සමග විශාල වශයෙන් යතුරු පැදිකරුවන් නගරයට පැමිණිම සිදුව ඇති බව පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ පාලනය කර ගැනිමට නොහැකි තරම් යතුරු පැදි තොගයක් මේ වන විට නගරයට පැමිණ ඇති බවයි.
පෙට්‍රල් ලබා ගැනිමට පැමිණ ඇති යතුරු පැදි සංඛ්‍යාව 2000 කට අධික බව දැක ගත හැකිය.
මේ හේතුවෙන් ආණමඩුව නගරයෙ විටින් විට වාහන තදබදයක් ද ඇතිවු බව පොලිසිය පවසයි.
පෙට්‍රල් ලබා ගැනිමට පැමිණි යතුරු පැදිකරුවන් බහුතරයක් පවසා සිටියේ තම ගම්මාන වල වෙළද සැල් වල කලින් පෙට්‍රල් මිළදි ගත්තද මේ වන විට එය නවතා දැමිමත් සමග පෙට්‍රල් ලබා ගැනිමට තමන්ට නගරයට පැමිණිමට සිදුව ඇති බවයි.

