ආණමඩුව සමුපකාර ඉන්ධන හලින් ඩිසල් ලබා ගැනිමේදි පැමිණි පිරිස් අතර ඇතිවු නොසන්සුන්තාවය පාලනය කිරීමට අද (01දා) පොලිසිය යෙදවිමට කටයුතු කර තිබුණි.
සීමිත ඉන්ධන ප්රමාණයක් ඉන්ධන හල් වෙත ලැබිමත් සමග එය ලබා ගැනිමට විශාල වාහන හිමිකරුවන් පිරිසක් පැමිණීමත් සමග පැමිණි පිරිස් අතර උණුසුම් තත්වයක් මතුව තිබු බව ආණමඩුව පොලිසිය කියයි.
ඇතැම් පිරිස් පවසා සිටියේ තමන් අලුයම සිට පැය පහකට ආසන්න කාලයක් තම වාහන නවතා තබමින් පෝලිම් වල රැදි සිටිමට සිදුවු බවයි.එසේ තිබියදි ඇතැම් අවස්ථාවල ඩිසල් ලබා දීමේදි ගැටළුකාරි තත්වයක් මතුවු බවද ඩිසල් ලබා ගැනිමට පැමිණි පිරිස් චෝදනා කරන්නට විය.
මේ හේතුවෙන් ඇතිවු උණුසුම් තත්වය පාලනය කිරීමට ආණමඩුව පොලිසියේ නිළධාරින් පිරිසක් කැදවා පොලිස් ආරක්ෂාව යටතේ ගැටළුවක් ඇති නොවන ලෙස ඩිසල් ලබා දිමට කටයුතු කර තිබේන ආකාරය දැක ගත හැකි විය.



