ආණමඩුව ජල ව්‍යාපෘතියේ වියදම රු.බි. 6යි, ප්‍රතිලාභය බිංදුවයි
ආණමඩුව ජලසම්පාදන ව්‍යාපෘතිය ආරම්භකොට වසර අටක කාලයක් ගතවි තිබු අතර ඒ සදහා රුපියල් මිලියන 5,983ක මුදලක් වැයකොට තිබු නමුත් ජල සම්බන්දතා කිසිවක් ලබා දි නොතිබු බව විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
කුරුණැගල හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකෙහි පුද්ගලයින් 81,740 ක් සදහා ජල සම්බන්දතා 16,350ක් ලබාදිම මෙකි ව්‍යාපෘතියේ මුලික අරමුණවිය. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් විදේශ ණය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබුණි.
ජලසම්පාදන මණ්ඩලය විසින් කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්යසාධනය පදනම්කරගෙන 2023 වර්ෂයේ දි කොන්ත්‍රාත්කරුගේ වැඩ අවසන්කර තිබුණි. කොන්ත්‍රාත්කරුගේ අත්තිකාරම් හා කාර්යසාධන සුරක්ෂණය මුදල් කර රුපියල් මිලියන 2,527ක මුදලක් මණ්ඩලය විසින් ලබාගෙන තිබුණි.
එම මුදලින් රුපියල් මිලියන 930ක මුදලක් මෙකි ව්‍යාපෘතියේ ඉතිරි වැඩසදහා වැයකොට තිබුණි. ඉතිරි මුදල වු රුපියල් මිලියන 1,597ක් වසර දෙකකට අධික කාලයක සිට මණ්ඩලයේ ගිණුමක තැන්පත්කර පවත්වාගෙන යමින් පැවතුණි. එමෙන්ම මෙකි ව්‍යාපෘතිය සදහා මිලදිගෙන තිබු රුපියල් මිලියන 700කට අධික නල හා උපාංග තොගය කොන්ත්‍රාත්කරු විසින් විධිමත් ලෙස භාරගැනිමට කටයුතු කරනොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඇතැම් උපකරණ නැවත භාවිතා කිරිමට නොහැකි ලෙස ගුණත්වය හිනවෙමින් පවතින බව ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
එමෙන්ම කොන්ත්‍රාත්කරු විසින් සියයට 83ක භෞතික ප්‍රගතියක් සමග ඉදිකර තිබු නවගත්තේගම ජල කුළුණෙන් ජලය කාන්දුවන බව අනාවරණය වි තිබුණි. ඒවනවිටත් කොන්ත්‍රාත්කරු වෙත ජල කුළුණ ඉදිකිරිමට රුපියල් මිලියන 58.3ක මුදලක් ගෙවා තිබුණි. මෙම ජල කාන්දුව නිවරදි කිරිම සදහා රුපියල් මිලයන 08ක ඉක්මවන වියදමක් දැරිමට සිදුවිමේ අවධානමක් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
