සිය ආච්චි අම්මාගේ මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ දාහතරක මුදලක් සොරකම් කල ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 14 හැව්රිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ, පැපිලියවල ප්‍රදේශයේ පදිංචි 14 හැව්රිදි පාසල් සිසුවෙකු බව පොලිසිය කීය.
දොඩංගොඩ මිනුවන්දෙනිය ප්‍රදේශයේ පදිංචි රබර් කිරි ව්‍යාපාරයක නියැලෙන කාන්තාවක විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුබුරෙකු බවද ඔහුද එම නිවසට කිට්ටුව පදිංචිව සිටින අයෙකු බවද පොලිසිය සදහන් කරයි.
පැමිල්ණිලිකාර කාන්තාව පසුගිය 01 දා නිවසේ දොරගුලු වසාදමා රබර් කිරි ව්‍යාපාරික කටයුතු පිටව ගොස් නැවත පැමිණෙන විට නිවසේ දොරක් විවෘත කර තිබී ඇති අතර, ඒ අනුව නිදන මෙට්ටය යට සගවා තිබූ රුපියල් ලක්ෂ 15 ක මුදල සොයාබැලීමේදී එය නොතිබූ බවටත් පැමිණිල්ලේ සටහන්ව ඇතැයි වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
ඒ අනුව පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සිදුකල දීර්ඝ විමර්ශන වලින් පසු සැකකාර සිසුවා විසින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 14 ක මුදලක් ඔහුගේ පොතුවිල ප්‍රදේශයේ ඥාති නිවසක කෙසෙල් පදුරක් අස්සේ වලදමා තිබියදී සොයාගත් බව පොලිසිය කීය.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණවර්ධන ,සැරයන් වරුන්වන කිත්සිරි දිසානායක (44702), කුමාර (12732) කොස්තාපල් නිරෝෂන් (81390) යන නිළධාරීන් වැටලීමට එක්වූහ .
සුමිත් පොතුපිටිය