15 හැවිරිදි බාලවයස්කාර දැරියක් වෙනත් ආගමකට බඳවාගෙන දින ගණනාවකින් විවාහ වීම සඳහා සූදානම්වසඟවාගෙන සිටි පුද්ගලයෙකු හා නවාතැන් දුන් පුද්ගලයකු ඊයේ (29දා) දින පස්වරුවේ සැකපිට දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ගලේවෙල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක පාසල් දැරියක් දඹුල්ල නිකවටවන 24 හැවිරිදි තරුණයකු විසින් රැගෙන ගොස් ඔහුගේ මාමා කෙනෙකුගේ නිවසේ රඳවාගෙන නිකවටවන ප්රදේශයේ දේවස්ථානයකට ගොස් මෙම පාසල් සිසුවිය තම ආගමට බඳවා එම ආගම පරිදි විවාහ කර දීම සඳහා සූදානමි කරමින් සිටින බවට නිකවටවන ජනතාව දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක එස් .කේ. ඇල්ලේපොල මතට දැනුම්දී ඇත.
ඔවුන් කියා ඇත්තේ ආගම් දෙකක ජනතාව ඉතා සහයෝගයෙන් ජිවත් වන නිකවටවන ගමේ මෙවැනි සිදුවීමක් වුවහොත් දෙපිරිස අතර මහා විනාශයක් සිදුවන නිසා එය වලකාදෙන ලෙසයි.
දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් මෙම දෙදෙනා සමග පහළොස් හැවිරිදි දැරිය පොලිස් භාරයට ගත් බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. කේ. ඇල්ලේපොල මහතා පැවසීය.
සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම පාසල් සිසුවිය දඹුල්ල රෝහලේ මීට මාස දෙකකට පමණ ඉහතදී සිය මිත්තණියගේ සාත්තුව සඳහා රැඳී සිටියදී මෙම තරුණයා සමග සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව ගලේවෙල සිට මෙම පාසල් සිසුවිය නිකවටවන ප්ර දේශයට රැගෙන ගොස් ඇති බවය.
මෙම පාසල් සිසුවිය බාලවයස්කාර සිසුවියක වූ නිසා විවාහ වීමට නීතියෙන් ඇති බාධා ඉවත් කිරීමට නිකවටවන තරුණයගේ මාමා කෙනෙක්ව විසින් අනුබල ලබා දී ප්රදේශයේ ආගමික පූජකවරු කිහිපදෙනෙකු යටතේ විවාහ ගිවිස ගැනීමට උත්සාහ කළ ද එම පූජකවරුන් විවාහ කර දීම ප්රතික්ෂේප කිරීමත් සමඟ මාතලේ ප්රෙදේශයේ වෙනත් පූජකවරයෙකු කැඳවා මෙම සිසුවිය මුස්ලිම් ආගමට බඳවාගෙන විවාහ කර දීමේ කටයුතු සූදානම් කර ඇති බවට හෙළිදරව් වූ බව පොලීසිය කියයි.
විවාහ උත්සව අවස්ථාවවට පෙර දැරිය ආගමට බදවා ගැනීමේ ප්රීතිය සැමරීමට දැරියගේ මව පියා සහ තවත් කිහිප දෙනෙකු මෙන්ම තරුණයාගේ ඥාතීන් පිරිසක් එක්ව නිකවටවන ප්රදේශයේ නිවසක සාදයක් පැවැත්වූ බවත් එම නිවසේ තරුණයා සමග තමා තනිවූ බව දැරිය පොලිසියට ප්රකාශවල සඳහන්ව ඇති බව පොලිසිය කියයි.
තවදුරටත් මෙම දැරියගෙන් හා තරුණියගෙන් ප්රශ්න කරන අවස්ථාවේදී හෙළි වී ඇත්තේ පහළොස් හැවිරිදි මෙම දැරිය මීට පෙර ගලේවෙල ප්රදේශයේ තරුණයෙකු අතින් අතවරයට ලක්ව ඔහුට විරුද්ධව ගලේවෙල පොලිසියේ පැමිණිල්ලක් සහ දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක්ද පවතින බවයි.
එසේ තිබියදී මෙම නිකවට වන ප්රදේශයේ තරුණයා සමග මාස දෙකක පමණ සබඳකමක් පවත්වා මව් දෙමවුපියන්ගේ දැනුවත්කම මත මෙසේ වෙනත් ආගමකට බැදී නීතියෙන් ගැලවී විවාහ වීමක් සිදු කර ගැනීමට ගොස් ඇති බවය.
මෙම බාලවයස්කාර දැරිය පැහැරගෙන යෑම, සඟවා තබා ගැනීමට අනුබල දීම වෙනත් ආගමකට බඳවාගෙන ආගම අනුව විවාහ කර දීම සැලසුම් කිරීමට මෙන්ම මේ සඳහා අනුබල ලබා දුන් පිරිසද අතවරයට ලක් කළ පිරිස් මෙන්ම දැරිය අනාරක්ෂිතව බාල වයස්කාරව සිටියදී විවාහ කර දීමට අනුබලදීම ආදී කරුණු පිළිබඳව තවදුරටත් විමර්ශන පවත්වා සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක ඇල්ලේපොල මහතා සඳහන් කළේය.
දැරිය මේ වන විට සිය මව භාරයේ දඹුල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබන බවත් අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ මාමා දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවත් සිද්ධියට සම්බන්ද ඉතිරි කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව ද මේ සඳහා ගලේවෙල පොලිසියේද සහය ලබාගන්නා බව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.