ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීමට නෛතික විධි විධාන
ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සඳහා නෛතික විධි විධාන හඳුන්වාදීමට අවශ්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව ඊට බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි යන ආගමික නායකයන්, නීති ප්‍රවීණයන්, මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළත් කිරීමට නියමිතය.
ආගමික නිදහස ආරක්ෂා කිරීම හා ආගමික ඉගැන්වීම් අපහාසයට ලක් කිරීම වැළැක්වීම සඳහා නෛතික විධි විධාන හඳුන්වාදීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවත්, ඒ අනුව ඊට අදාළ නිර්දේශ ලබාගැනීමට කමිටුවක් පත් කිරීමටත් වූ යෝජනාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව ඊට අනුමැතිය පෙරේදා (26දා) ලැබී තිබිණි.
popular news
-
Kumar Wednesday, 28 June 2023 02:03 AM
americawenam rjayayi argam atharai kisima sumbandayak naha. Rajaye kisima karyakata monama argamakwath sumbandhakaraganneyth naha. arndukrama wayawasthawe thibenney "separation of Church and state" kiyalayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

