ආගම් ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක්
ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ රටෙහි ස්ථාපිත කළ යුතු බවත්, එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා මහතා ආරම්භ කළ ඒ ක්‍රමය වර්තමානය වන විට සිංගප්පූරුව තුළ ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඒ පිළිබඳව පොදු ක්‍රමවේදයක් සැකසීම සඳහා කරුණු අධ්‍යනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිංගප්පූරුව වෙත පිටත් කර යැවීමට පියවර ගන්නා බවත් අද (22දා) අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදී පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවැති ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාලාභීන් වෙත ඩිප්ලෝමා ප්‍රධානය කිරීමේ උත්සවය අමතමිනි.
“අපේ පාසල් ක්‍රමය ආගම්, භාෂාව අනුව වෙන් කරන්නේ නැතුව යළිත් පොදු පාසල් ක්‍රමයක් ලංකාවේ ඇති කිරීමේ වගකීම අධඨ්යාපන අමාත්‍යාංශයට භාරදී තිබෙනවා.
නොමග ගිය අයි.එස්.අයි.එස් සංවිධානය හා එහි නායකයන් අදහන මුස්ලිම් ස්වල්ප දෙනෙක් නිසා මේ රටේ යලිත් විශාල බෝම්බ පිපිරීම් සිදුවුණා. මෙහිදී බෝම්බ පිපිරීම පමණක් නොව ජාතික සමගියට ද ගැටලු මතුව තිබෙනවා.
උද්ගතව තිබෙන මේ තත්ත්වය හමුවේ සලකා බැලිය යුතු ප්‍රධානතම ප්රශ්නය වන්නේ අපේ පාසල් සිංහල, බෞද්ධ, දෙමළ, මුස්ලිම්, කතෝලික ආදී වශයෙන් තවදුරටත් ඉදිරියට ගෙන යනව ද, එසේත් නැතිනම් පොදු පාසල් ක්‍රමයක් ඇතිකරමින් ඉදිරියට යනවාද කියා බැලීමයි. මේ ප්‍රශ්නයට අපි විසදුමක් සොයා ගත යුතුයි.”

popular news
-
rocky Wednesday, 22 May 2019 08:11 PM
ඉතාමත් මෝඩ එමෙන්ම අනර්ථ කාරී අදහසක් විය හැකියි කියලා හිතෙනවා.. මෙය වර්ග වාදයට රුකුල් දීමක් වෙන්නත් පුළුවනි . මුස්ලිම් ජනගහනය බහුල ප්‍රදේශවලට ආසන්න කොළඹ - ආනන්ද, නාලන්ද , ආදී විදුහල් වල සිංහල බවුද්ධ ළමයින් ඇතුළු කර ගැනීම අනුක්රමයෙන් අඩුවී යන්න ඉඩ තියනවා. ඒ වගේම කළුතර තිස්ස ව්ද්‍යාලයට වුනත් ඔහොම ගියොත් අනාගතයේදී අල්ලාහ් ගේම පිහිටයි! විසාඛා විද්‍යාලය ..?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

