ආගම්වාදය පතුරවමින් ජාතික සමගිය බිදිමට කටයුතු කරන පිරිස් මෙරටින් පලවාහැරිය යුතු බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධමිමරතන හිමි පැවැසීය.
විවිධ දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් ආගම්වාදී ප්‍රකාශ ඉදිරිපත් කරන මෙරට දේශපාලකයින් ඇතුලු අන්තවාදී පිරිස් ඉතා පිළිකුල්ව හෙලා දිකින බවද උන්වහන්සේ කීහ.
වව්නියාව වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමියේ තාවකාලිකව ඉදි කර තිබු හින්දු දේව ප්‍රතිමාව කිසියම් පිරිසක් විසින් පසුගිය(26දා) කඩා ඉවත් කර ඇති බවත් ඒ තුළින් ජාතික සාමයට බාධාවක් සිදු වේද යන්න අප කළ විමසීමේදී ඊයේ (29දා) සවස මැදවච්චිය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක ස්වාමින් වහන්සේ එසේ කීහ.
“රටේ සියලුම ආගම් ඇදහීමට අවස්ථාව තිබෙනවා. ඇතම් රොහල් තියෙනවා සියලු ආගම් වල ප්‍රථිමා තැම්පත් කරලා ඒ ඒ ආගම් වල ජනතාවට ඒ ඒ ආගම් කටයුතු සිදු කරගන්න පුලුවන් අයුරින්. මේ අපේ සංහිඳියාවයි.
එය බිදින්න විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමිනි පවතිනවා කියන එක අපි හැමෝම දන්නා කාරනයක්. මිහින්තලා කදු වැටිය නගින්න එන ජනතාවගෙන් අපි ආගම කුමක්ද..? ජාතිය, පාට, වර්ග හා කුලය මොකද්ද කියලා අහන්නේ නෑ. උතුරේ සිට දකුණ දක්වා සර්ව ආගමික ප්‍රථිමා ස්ථාපිත වෙලා තිබෙන රටක් මේක. ඒවගේ ප්‍රථිමා කඩා විනාශ කරමින් ආගම් වාදය අවුසස්මින් ආගමක් විනාශ කරන්න පුලුවන් කියලා හිතනවානම් ඒක මෝඩ කමක්.
මට හිතෙනවා නැවත නැවත පහුගිය කාල සීමාවේ තිබුණු අර්බුධකාරි තත්ත්වයට මේ රට ඇතම් දේශපාලකයින් ඇතුලු අන්තවාදී පිරිස් නැවත රැගෙන යාමට උත්සහා දරණවා කියලා. එහි ප්‍රතිපලයක්ද කියන්නත් බෑ මේ සිදුවීම.
ජනතාව මේ වෙලාවේ හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. ජාති වාදය ආගම් වාදය අවුස්සලා ජනතාව අතර නැති බේදයක් දේශපාලකයින් තමයි ඇති කරන්න හදන්නේ. මේ රට විනාශ කරපු 225 දෙනාම නැවත රටේ පහුගිය කාල වල ඇති වුණ භීෂණ තත්ත්වයක් ඇති වුණොත් සම්පුර්ණ වගකීම භාර ගත යුතුයි. ඒ වගේම ආගම් වාදය පතුරවමින් ජාතික සමගිය බිදිමට කටයුතු කරන පිරිස් මෙරටින් පලවා හැරිය යුතුයි කියන යෝජනාවද මම ගෙන එනවා මේ මොහොතේ.”
හොරෝව්පොතාන - සිඩ්නි රුවන් උබේපාල