උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ හදිසි අනතුරුවලින් මේ වනවිට පුද්ගලයන් 167 ප්රථිකාර සඳහා රොහල කරා පැමිණි බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිරිස අතුරින් පිරිමි පුද්ගලයන් 118 දෙනෙක් සහ කාන්තාවන් 49 දෙනෙකු ඇතුලත් බවත් ඒ අතුරින් රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු සහ නිවසේ සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මෙන්ම කලකෝලහාල සිදුවීම් හේතුවෙන් පුද්ගලයන් 27 දෙනෙකු මෙන්ම අනෙකුත් අනතුරු වලින් 45 දෙනෙකු ආදි වශයෙන් ප්රථිකාර සඳහා පැමිණ ඇති බව වාර්තා වී ඇති බවත් සඳහන්.
එමෙන්ම පසුගිය වසරට සාපේක්ෂව මෙරය ගිණිකෙලි අනතුරු අඩුවීමක් දක්නට ලැබෙන බවත් ගිණි කෙලි අනතුරුවලින් තුවාල ලැබු එක් පුද්ගලයෙකු පමණක් වාර්තා වූ බවත් කොළඹ ජාතික රෝහල සඳහන් කර සිටියි.