අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් 74 හැවැරිදි පුද්ගලයෙකුට තුවාල
අහුන්ගල්ල ගල්වෙහෙර ප්රදේශයේ අද (4දා) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල,ගල්වෙහෙර ,සී.පී ද සිල්වා මාවත ලිපිනයේ පදිංචි දඩල්ල ලණු මෝදරගේ නන්දසේන නමැති හැත්තෑ හතර හැවිරිදි අයෙකුයි.
අලුයම 1.55 ත් 2 ත් අතර වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි. නාදුනන තුවක්කුකරුවකු එහි ජනේලයකින් නිවස තුළට මිලි මීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවත් එහිදී නිවස තුළ සිටි හැත්තෑ හැවිරිදි ගෙහිමියාට වෙඩි වැදී ඇති බවත් පොලීසිය කියයි.
සිව් දිනක් තුළ අහුන්ගල්ලේ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවත් ඔක්තෝම්බර් මස 1 වැනිදා රාතියේ මෙවැනිම ආකාරයට අහුන්ගල්ල වැලිකන්ද නිවසකට පැමිණි නාදුනන තුවාක්කුකරුවකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් තැබූ වෙඩි පහරකින් අහුන්ගල්ලේ පොඩි පැටී නමැත්තා ජීවිතක්ෂයට පත්වූ බවද පොලීසිය කියයි.
අද සිදුවූ වෙඩි තැබීමද පොඩි පැටීගේ ඝාතනයේ දිගුවක් විය හැකි බවට සහ මෙය එකට එක කිරීමක් ලෙස සැලකිය හැකි බවද පොලීසිය සැක කරයි. වෙඩි තැබීම් දෙකේම තුවක්කුකරුවන් මෙතෙක් හදුනාගෙන නැති බවත් ඔවුන් හදුනාගෙන අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවත් අහුන්ගල්ල පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
