අහුන්ගල්ල ගාලු පාරේ දී අද (12දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කල බව අහුන්ගල්ල පොලිසිය පවසයි.
අහුන්ගල්ල ත්රිරෝද රථ ගාලේ සිටි කුලී ත්රිරෝද රථ රියදුරෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය කියයි .
වෙඩි වැදුණු පුද්ගලයා අහුන්ගල්ල ගල්වෙහෙර පදිංචි අයෙක් බවද පොලිසිය කියයි .
අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත