අහුන්ගල්ල වෙඩි තැබීමේ සිද්ධියට කිලිනොච්චි කඳවුරේ තිබූ ගිනි අවියක් ලබාදී ආධාර අනුබල දුන් යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයකු සහ ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කිලිනොච්චි කඳවුරට අනුයුක්තව සේවය කරන මාණ්ඩලික සැරයන්වරයකු සහ මීගහතැන්න ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි
සැකකාර යුධ හමුදා මාණ්ඩලික සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිළිනොච්චි කඳවුරේ සේවය කරමින් සිටියදී වන අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න තල්පැදිවල ප්රදේශයේ නිවසකදිය.
ඉකුත් දොළොස් වැනි දින අහුන්ගල්ල හෝටලයක් ඉදිරිපිට තිරෝද රථයක සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා වූ අතර ඔහුගේ පාදයකට තුවාල සිදුවී බලපිටිය රෝහල වෙත ඇතුළත් කෙරිණි
වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා ව ඉකුත් 13 දින පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අහුන්ගල්ල දික්වැල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔහු ගෙන සිදු කළ ප්රශ්න කිරීමේදී කල්පිටිය ප්රදේශයේ කැලෑවක ආයුධ කිහිපයක් සඟවා ඇති බවට අනාවරණය කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීහු සමඟ නිලධාරියෙක් ඔහු සමග එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී සැකකරු විසින් සඟවා තිබූ ආයුධයක් ගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ හේතුවෙන් පෙරළා සිදු කළ විට තැබීමේදී තුවාල ලැබූ සැකකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.