මෙරට ගුවන් තලය ඩොලර් මිලියන 29කට විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සඳහන් කරයි.
අද (22) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරනුයේ මෙරට සියළු සම්පත් විකුණා යමින් තිබෙන ආණ්ඩුව මේ වනවිට ශ්‍රී ලංකාවට අයත් අවකාශය විකිනීමටද කටයුතු යොදා ඇති බවයි.
එමෙන්ම මේ පිලිබඳව මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු පාර්ලිමේන්තුවට කැඳවිය යුතු බවත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙසත් මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.