අහඹු PCR පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙන්නැයි මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණ වැඩසටහන සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
හෙට (09) පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම අහඹු පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හී දී මෙන්ම නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද සතියකට වරක් එම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
2021 ජනවාරි මස 13 වනදා සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කළ පී.සී.ආර් පරීක්ෂණ වැඩසටහන යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වනදා පරීක්ෂාවට ලක්කර තිබේ.
ඔවුන් සියලුදෙනා ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
