ආගමික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියා කළේ යැයි අත්අඩංගුවට ගන්නා ලද බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 09 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එම පැමිණිල්ල අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී අසාත් සාලි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට අයත් ඉඩමක් විකිණීමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කළේය.
එම ඉඩම විකිණීමට අදාළ ඔප්පුවට බන්ධනාගාරය තුළදී අත්සන් කිරීමට තම සේවාදායකයාට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාරය තුළදී අදාළ ඉඩමේ විකුණුම් ඔප්පුවට අස්සන් කිරීම සඳහා අසාත් සාලි මහතාට අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.