‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමය යටතේ ජූනි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට (03) දින බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 දෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 3,108,805,000 ක මුදලක් බැර කිරීමට නියමිතය.
එමෙන්ම දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 76,139 දෙනෙකු සඳහා රුපියල්380,695,000 ක මුදලක්ද ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇති බවද එම මණ්ඩලය සඳහන් කරයි.