අස්වැසුම පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටිවන් 617,406 දෙනෙකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක මුදලක් හා දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් තුන්සිය හැට දෙමිලියන හය ලක්ෂ විසි පන්දහසක මුදලක් හෙට දින බැංකු ගිණුම් වෙත බැරකරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.