අස්වැසුම ප්රතිඵල ප්රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද 27 උදෑසන සිට ඇල්ල ප්රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල වතුයායේ පදිංචි ව සිටි රාමසාමි කුලන්දවේලු (77) නමැති හත් හැවිරිදි පුද්ගලයෙකි.
කාර්යාලයීය කටයුතු ආරම්භ වීමටත් ප්රථම පැමිණ පෝලිමක රැදී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි. ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර /පාලිත ආරියවංශ/ප්රසන්න පද්මසිරි