අස්වැසුම ඉල්ලා 62 හැවිරිදි කාන්තාවක් ගසකට නැඟලා
මොනරාගල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයට අයත් වැඳිකුඹුර කවුඩාව ප්රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් (25) වෙනිදා මොනරාගල ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ පිහිටි ජම්බු ගසකට නැගී අස්වැසුම ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වූවාය.
ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් ස්වාමිපුරුෂයා මියගිය බොහෝ දුෂ්කරතා මැද ජීවත්වෙන තමාට අස්වැසුම ආධාර ලබා දීමට නිර්දේශ කර නොමැති බැවින් කඩිනමින් තමාටආස්වැසුම සහනාධාර මුදල් ලබා දෙන ලෙස ඉල්ලා මෙලෙස කාර්යාලය පිටුපස පිහිටි ජම්බු ගසකට නැග විරෝධතාවය පල කරන ලදි.
මොනරාගල ප්රාදේශීය ලේකම් චතුර සමරසේකර මහතා එම ස්ථානයට ගොස් අස්වැසුම ලබා දෙන්නේ අස්වැසුම සුබ සාධක මණ්ඩලය මඟින් බවත් අභියාචනයක් ඉදිරිපත් ගැනීමටකටයුතු කරන ලෙසත් ඉල්ලා සිටි අතර පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඇයව ගසින් බස්සවා අභියාචනා කිරීමෙන් පසු අස්වැසුම ලබාදෙන බවට ලිඛිතව පොරොන්දුවක් දෙන ලදි.ඒ අනුව ඇය ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයෙන් පිටව ගියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

