අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,410,064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු.මි. 8,793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඉහත පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා ගෙවීමි ලෙස රු.මි. 51,967 ක මුදලක් රජය ගෙවා ඇතැයිද ඔහු සිය ට්විටර් ගිනුමෙන් පවසයි.
ඒ අනුව අන්ත දිළිදු පවුල් 303,199, දිළිදු පවුල් 606,496 අවදානමට ලක් වු පවුල් 290,624 හා සංක්‍රාන්තික පවුල් 209,745 ක් සදහා අස්වැසුම ප්රතිලාභ ගෙවීම මේ වන විට සිදු කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.