ශ්‍යාමෝපාලී අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක බදුල්ල මුතියංගන රාජ මහා විහාරාධිපති වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඥානන්ද ඥාණරතන නාහිමියන්ගේ අසූවැනි ජන්ම දිනය අද (18) දිනට යෙදී තිබිණි.
ඒ වෙනුවෙන් බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානයේ ථෙතිහාසික දෙතිස්ථල මහා බෝධි වෘක්ෂය වටා ඇති බෝධිඝරය රුපියල් ලක්ෂ 40 ක වියදමින් පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ ප්‍රති සංස්කරණය කර විවෘත කිරීම සිදු කෙරිණි.
මහ නාහිමියෝ බෝමළුවට සැපත්ව පහන් දල්වා මල් පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝයා වහන්සේ විසින් සෙත් පිරිත් සජ්ජායනයක් සිදුකළහ .
බදුල්ලමුතියංගන රාජ මහා විහාරස්ථානයේ භාරකාර ධුරන්ධර අස්ගිරි විහාර පාර්ශවයේ ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සඝයාවහන්සේලාද ආරාධිත අමුත්තන්ද විහාරස්ථ දායක සභාව සහ බැතිමතුන්ද මෙම අවස්ථාවට සහබාගිවූහ
බදුල්ලේ පාලිත ආරියවංශ

