රට තුළ ජාතිවාදී හා ආගම් ආගම්වාදී අර්බුද ඉස්මතු වීමේ ස්වරූපයක් දිවයිනේ විවිධ ප්රදේශවලින්හටගන්නා සිද්ධීන් වලින් පෙනෙන්නට තිබෙන බැවින්එවැනි කටයුතු මැඬලීම සඳහා අවශ්‍යපියවර ගන්නා ලෙසජනාධිපතිවරයාට දන්වමින්විශේෂ සංදේශයක්ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්රීඤානරතන නායක හිමියන් විසින්ජනාධිපතිවරයාට භාර දී තිබේ.
අස්ගිරි මහා නා හිමියන් විසින් එම විශේෂ සන්දේශය භාරදී ඇත්තේ ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය .
කරුණු තුනකින් සමන්විතව සම්පාදනය කොට ඇති එම සංදේශයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි විහාරස්ථාන යන්ගේ හා රට පුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන යන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේදී ඇතිව තිබෙන බාධා ඉවත් කොට එම කටයුතු තහවුරු කොට දෙන ලෙසත්ය .
එසේම දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කරන පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධ ව්‍යාපෘති ඒ අයුරින් දිවයිනපුරා ක්‍රියාත්මක කිරීම සහ බාහිර පාර්ශවයන්ගෙන් ලබා දෙන ආධාර ඒ සඳහා උපයෝගි කර ගන්නා ලෙසත්ය .
ඉහත කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ විශේෂ අවධානය යොමු කොටඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දඑම සන්දේශයේ වැඩිදුරටත් සඳහන්ය.
ෂේන් සෙනෙවිරත්න