පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අසල්වැසියාගේ ඇඟිල්ල වෙන් වෙන්නම සපාකෑ බව කියන සැකකරුවෙකු ඊයේ (18දා) අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පැවසීය.
ලැබුණ පැමිනිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව පොලිසිය පැවසීය.
සැකකරු තුවාලකරුගේ දබරගිල්ල සපා කා ඇති අතර ඒ සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සැත්කම්ක් සිදු කොට ඇති බවද පොලිසිය පැවැසීය.
තුවාලකරු සිය නිවසේ ගරාජයක් පවත්වාගෙන ගොස් ඇති අතර එයින් නැගෙන ශබ්දයන් සැකකරුට පීඩාවක් ගෙන දී ඇති බවත් ඒ ඔස්සේ නැගුණු ආරවුල් දුරදිග යාමෙන් මෙම ගැටුම් සිදු වී ඇති බවට මූලික විමර්ෂණයේදී හෙලි වු බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මොරටු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිතය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා