හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවූ අශෝක අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ දැරූ සියලුම තනතුරුවලින් අද (12) ඉල්ලා අස්විය. ඔහු සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට යවා ඇත.
ඒ් අනුව ඔහු සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍ර දේශයේ සංවිධායක, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම්, සමගි සේවක වෘත්තිය සංගමයේ සභාපති, පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික, විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් යන තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.