වයස අවුරුදු එකොලහක පිරිමි දරුවෙකු සමේ රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී උණ රෝගය උත්සන්නව කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයාම සැකසහිත බවට අද (13දා) පැමිණිල්ලක් ලැබී ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල , අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටී බෙනරගම විතානලාගේ විදූෂ රන්දිනු නමැති බේරුවල වලතර කණිෂ්ඨ විදුහලේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකු බව පොලිසිය කීය.
සමේ රෝගයක් වැළඳී ඇති දරුවාට ඉකුත් 10 දා දෙමාපියන් විසින් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර ඉන් පසුව තවත් වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාර ලබාගෙන ඇත.එක් මධ්‍යස්ථානයක ප්‍රධාන වෛද්‍ය වරයා එහි රැදී නොසිට ඇති බවත්, සහායක වෛද්‍යවරියක් ප්‍රතිකාර ලබාදී ඇති බවත් සදහන් වේ. එමෙන්ම දරුවාට ලබාදී ඇති ඖෂධ ආසාත්මිකතාවයක හේතුවී ඇති බව වෛද්‍යවරයෙකු විසින් දැනුම් දී ඇතැයි දරුවාගේ පියා පැවසීය .
දරුවාගේ මරණය සම්බන්ධයෙන් සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය අංශය විසින් විවෘත තීන්දුවක් ලබාදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
බේරුවල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.