වර්ථමානයේ රට කඩා වැටී තිබීමට අවුරැදු 75ක් අයවැය ලේඛන තුළින් මුදල් අමාත්‍යංශය සකස් කර දෙන අසත්‍ය ඒ අකාරයෙන්ම පැවසීම හේතු වී තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
2023 අයවැය තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ අද (28දා) පැවති ජන මාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම අර්බුද සඳහා දේශපාලන වශයෙන් පිළිතුරැ නොමැති බවත්, ඒ සඳහා තිබෙනුවේ විසඳුම් 4ක් පමණක් බවත් සඳහන් කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
"සල්ලි අච්චු ගහන්නේ ශ්‍රී ලංකා මහබැංකුව. ප්‍රතිපත්තිමය පොලී අනුපාතය තීරණය කරන්නේ ශ්‍රී ලංකා මහබැංකුව. විනිමය අනුපාතය තීරණය කරන්නේ ශ්‍රී ලංකා මහබැංකුව. විදේශ සංචිත පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහබැංකුව. ආනයන අපනයන පාලනය කරන්නේ මහබැංකුව.
එහෙම කරලා මහජන නියෝජිතයන්ගේ ගෙවල් ගිණි තියනවා. මුදල් අමාත්‍යාංශය, මහබැංකුව මේ ගු සභාවට කථානායකතුමා කැඳවන්න. මේ අයවැයෙන් අවුරැදු 75ක්ම ලියලා දෙන බොුව කියාගෙන ඇවිල්ලනේ මෙතනට වැටිලා තියෙන්නේ. කැමති වුණත් අකමැති වුණත් මේ අය ලියලා හදලා දෙන එක අපි ඇවිල්ලා කියවනවා.
මේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ ප්‍රතිපත්ති කියලා අපි හිතාගෙන ඉන්නවා. මම පුද්ගලයෙක් ලෙස මට මැදිහත් වෙන්න පුළුවන් උපරිම ආකාරයට කැබිනට් මණ්ඩලය ඇතුලෙත්, පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් මම මැදිහත් වුණා. අපි කියන්නේ අලුත් සංස්කෘතියක් ඇති කර ගන්න ඕනී.
මුදල් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. රට වැටිලා තිබෙන තත්ත්වයෙන් ගොඩඒම සඳහා මේ අවස්ථාවේදී කිසිදු දේශපාලන වශයෙන් උත්තරයක් නෑ. ආණ්ඩු මාරැ කරලා මට පුළුවන් කියලා එක එක අයට හිතුනාට ප්‍රායෝගික වශයෙන් කරන්න බෑ.
ඒ නිසා විසඳුම් තිබෙන්නේ 4යි. එකක් රජයේ ආදායම කුමන හෝ ක්‍රමයකින් හැකිතාක් වැඩිකර ගැනීම. දෙවැනි එක රාජ්‍ය වියදම අඩු කර ගැනීම. එයින් අයවැය පරතරය දැරිය හැකි මට්ටමකට අඩු කර ගන්න පුළුවන්. තුන්වෙනි එක රට ඇතුලට එන විදේශ විනිමය පුළුවන් තරම් වැඩි කර ගැනීම. හතරවෙනි එක රටෙන් පිටට යන විදේශ විනිමය පුළුවන් තරම් අඩු කර ගැනීම. මේ හතරෙන් එහාට ගිය විසඳුමක් නෑ.