මාලිම්බොඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ජංගම දුරකතන අලෙවිසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි නඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඒම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (20දා) රාත්රී කලයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වයස අවුරුදු 24 ක් වන වැලිපිටිය ප්ර දේශයේ පදිංචිකරුවෙක් මෙසේ මියගොස් තිබේ.
වෙඩි තැබීම සඳහා පිස්පතෝල අවියක් භාවිතා කර ඇති බවට සැකකරන බව පොලීිසය පවසයි. ඝාතනයට හේතුව හෝ ඝාතනය සිදුකළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අණාවරණය වී නොමැති බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.