ප්‍රේම සබඳතාවයක් මත දෙපාර්ශවයේම දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව, වයස සම්පූර්ණ වූ පසු විවාහ කර ගන්නා බවට පොරොන්දු ව මත, ප්‍රේමවන්තයාගේ නිවසට පදිංචියට ගිය වයස අවුරුදු 15ක දැරියක් අපහරණය කර අතවරයට ලක් කළ වයස අවුරුදු 32ක ප්‍රේමවන්තයා අත්අඩංගුවට ගත් බව ප්‍රියංකරගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල, තෝරයාය, හැගව, ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි කාර්මික ශිල්පියෙකි.
දැරිය සැකකරුගේ නිවසට ගොස් සිටියදී සැකකරුගේ මව (නැන්දම්මා ) සමග ඇතිකර ගත් ආරවුලකින් පසුව යලිත් ප්‍රියංකරගම ප්‍රදේශයේ පිහිටි දැරියගේ නිවසට පැමිණ තිබූ බව පොලිසිය කියයි.
119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පුද්ගලයෙකු ලබා දුන් දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කර මෙම අපරාධයට සම්බන්ධ පෙම්වතා බව කියන එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකරගම පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.