නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි ළමයෙකුට පහර දෙන බවට ඊයේ රාත්‍රී කාලයේ නූරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවස අසල වැටී සිටියදී නිලධාරීන් විසින් ළමයා නූරිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව නූරිය පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 14 ක් වූ නූරියවත්ත 02 කොටස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම මියගිය පිරිමි ළමයාගේ මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මරණයට සැකපිට ළමයාගේ පියා නූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.නූරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.