යක්කල පොලිස් බල ප්රදේශයට අයත් බැලුම්මහර ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 13 ක දැරියක් නිවසින් අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව යක්කල පොලීසිය සදහන් කරයි.
අද (10) අලුයම් කාලයේදී දැරිය නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇයගේ පියා විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.
මේ සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ආරක්ෂක කැමරා පරීක්ෂාවට ලක් කරමින් දැරිය පැහැර ගැනීමක් සිදුව ඇතිද යන්න ඔස්සේ වැඩි දුර විමර්ශන සිදු කෙරෙන බව පොලීසිය පවසයි.
තිලකරත්න දිසානායක