එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී විදුලි කප්පාදුව අඩුකර ජනතාවට සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
"පැය හය හමාරක විදුලි කප්පාදුව මේ සතියේ සිකුරාදා දක්වා තිබෙනවා. සති අන්තයේදී ඉල්ලුම අඩුවීම නිසා විදුලි කප්පාදුව අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉන්දියන් ණය පහසුකමින් අපිට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලැබෙනවා.
කලින් මුදල් ගෙවපු තෙල් එකක් 7 වෙනිදා ලංකාවට එන්න නියමිතයි. සුමානයක් විතර නැංගුරම් ලා තිබුණ නෞකාවට සල්ලි වෙන්කරා කියලා දැනගන්න ලැබුණා.
සිංහල දෙමළ අවුරුද්ද එන නිසා විදුලි කප්පාදුව අඩුකරලා මහජනතාවට සහනයක් ලබාදීම මහජ උපයෝගීතා කොමිෂන් සභාවේ මූලික කාර්යයි.
ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකෙසෙමින් පවතිනවා. අපිට පොඩි ගැටලුවක් තිබෙනවා විදුලි හා බලශක්ති අමාත්‍යධුර සඳහා ඇමතිවරු ඉක්මනින් පත්කර ගැනීමට අවශ්‍යයි."