අවුරුදු සමයේ සංවිධානය කරන දිවීම, මැරතන් සහ පාපැදි තරග ඇතුළු ඉසව්වලදී අනතුරු අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
ඒ අනුව, දිගු වේලාවක් පැවැත්වෙන තරග සඳහා සහභාගී වන්නන් තරගයට පෙර අවම වශයෙන් සති 6ක පුහුණුවක් ලබා ගැනීමත්, පුහුණුකරුවෙකුගේ මඟපෙන්වීම යටතේ සූදානම් වීමත් අත්‍යවශ්‍ය බව එම මාර්ගෝපදේශවල සඳහන් වේ.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් ආරක්ෂිතව උත්සවවලට සහභාගී වන ලෙසයි.