උදාවූ සිංහල අලුත් අවුරුද්දෙන් පසු රට තවදුරටත් ප්‍රපාතයට ගමන් ගන්නා බවත් දෙස් විදෙස් ණය ගෙවීම නතර කිරීම තුළින් දරුනු ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.
ගාල්ලේදී ඊයේ (14) පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය හමුවේ ඔහු මේ බව පැවසීය.
අපි දන්නේ නැහැ විදෙස් ණය නතර කලේ කාගේ උවමනාවටද කියලා. මේ ණය ගත්තේ රටෙම අය සමග සාකච්චා කරලා. එහෙමනම් කොහොමද ඒක පාර්ෂිකව මේ ණය ගෙවිම නතර කරන්නේ. මෙ ණය ගෙවිමට පැහැර හැරියහොත් සමහර රටවල් අපේ රටට විරුද්ධව නඩු දාන්නත් බැරි නැහැ අනිත් එක මේ තුලින් මුලු ලෝකයටම අපේ රට බංකොලොත් රටක් කියලා පිලිගන්නවා මේක ඉතා නරක තත්වයක් ඒක රටට ඉතා අහිතකරව බලපාවී.
මේ අවස්ථාවේදී කල යුත්තේ 19ගෙන ඒම වත් 20අහෝසි කිරීමවත් නොවේ. කල යුත්තේ රට ඉදිරියට ගෙන යන්න පුලුවන් කෙනා හොයලා රට බාර දිමයි ඒ සදහා සුදුසුම නායකයා රනිල් වික්රමසිංහයි
- කරන්දෙනිය එම්.සුසිල් ප්‍රියන්ත සහ උඩුගම රවි ලියනගේ