අලුත් අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 13 , 14 දෙදින දිවයින පුරා සිල්ලරට මත්පැන් විකිණීමට බලපත්‍ර ලබා ඇති සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනේ හෝ ඊට ඉහළ හෝටල් බලපත්‍ර (ර.බි.07) සහ විශේෂ බුටික් විලා බලපත්‍ර යටතේ ක්‍රියාත්මක ස්ථානවල නේවාසිකව රැඳී සිටින විදේශීය සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.
මෙම කාලසීමාව තුළ සිදුවිය හැකි සුරා, මත්ද්‍රව්‍ය සහ දුම්කොළ සම්බන්ධ අපරාධ පිළිබඳ පැමිණිලි සදහා සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හෝ 1913 ක්ෂණික ඇමතුම් අංකය භාවිතා කරන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.