පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්තේ වන්දනාවටපාත්රවන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමාවට චීවරයක් පැලඳවීමට පිරිසක් කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය.
එමෙන්ම ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාරග් ගැනීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ ධාතුසේන රජතුමන් පාලන කාලයේදී අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදි කරන ලද බව ඉතිහාසයේ සඳහන්ය. කෙසේ නමුත් මේ වන විට එම වස්ත්‍රය ඉවත් කර තිබේ.