අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී ඊයේ රාත්‍රී කාලයේදී සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.
ත්‍රි රෝද රථයකින් ගමන් කළ පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ටී. 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මරණකරුවන් වයස අවුරුදු 27 සහ 36 පුද්ගලයන් දෙදෙනකේ වන අතර තුවාල ලැබූවන් අවුුරුදු 42 හා 43 වයස්හි පසුවන්නන් වෙයි.