බස් රථයක ගමන් කරමින් සිටි දරුවෙක් වීදුරුවෙන් එළියට ඔලුව දමා සිටියදී ඔලුව මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ඊයේ දහවල් කාලදෙී මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ කිරිගල හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 3 හමාරක් වන උස්සාපිටිය පදිංචිකරුවෙකි.