අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරන සංචාරකයන් හට ඒ සඳහා හැටන් නල්ලතන්නිය හා රත්නපුර පලාබද්දල යන මාර්ග දෙක පමණක් විවෘත කොට ඇති බවත්, එම මාර්ගවලින් ගමන් කිරීමේදී නල්ලතන්නිය හෝ පලාබද්දල වනජීවී කාර්යාලවලින් ඒ සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ලබා ගත හැකි බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
නිසි අවසර පත්‍රයක් නොමැතිව එම මාර්ගවලින් හෝ දැනට වසා දමා ඇති මාලිබොඩ, එරත්න, මුක්කු වත්ත, සඳගලතැන්න යන මාර්ගවලින් ශ්‍රී පාදස්ථානයට ඇතුළු වීම හෝ එම භූමියේ රැඳී සිටීම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව දඩුවම් ලැබිය හැකි වරදක් බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේ හෙයින් අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත ගමන් කරන සියලු සංචාරකයන් ඒ සඳහා දැනට විවෘත කොට ඇති නල්ලතන්නිය හා පලාබද්දල යන මාර්ග දෙක පමණක් භාවිතා කරන ලෙසත්, වසා දමා ඇති මාර්ග සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් නිරන්තරයෙන් අධීක්ෂණය කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත පිවිසෙන සංචාරකයන් පොලිතින්, ප්ලාස්ටීක් වතුර බෝතල් ඇතුළු නොදිරණ අපද්‍රව්‍ය රැගෙන නොයන ලෙසත්, අවිධිමත් ලෙස ශ්‍රී පාද රක්ෂිත වනාන්තර වෙත කැළිකසල බැහැර නොකර සමනල අඩවියේ පිහිටි අති සංවේදී ජෛව විවිධත්ව පරිසර පද්ධතිය රැක ගැනීමට කටයුතු කරන ලෙස සංචාරකයන්ගෙන් වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
