අව්ව නිසා දිනකට වික්ටෝරියාවේ ජලය ලීටර් මිලියන තුනක් වෂ්ප වෙනවා
වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්‍රදේශ වලට මේ දිනවල බලපා ඇතිදැඩි අව් රශ්මිය හේතුවෙන් දිනකට ජලය ලීටර් මිලියන තුනක ප්‍රමාණයක් දෛනිකව වාෂ්පී භවනය වන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි .
වික්ටෝරියා ජලාශය සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ගිය විට වර්ග කිලෝමීටර 24ක වපසරියකින් යුක්ත බවත් මේ වන විට පවතින වියළි කාලගුණය හේතුවෙන් වර්ග කිලෝමීටර් 13 ක ප්‍රමාණයක ජලය නොමැති බවද ඉංජිනේරුවරයා පවසයි .
වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා ඒ බව අවධාරණය කර සිටියේ වික්ටෝරියා ජලාශයේ වත්මන් තත්වය සම්බන්ධයෙන්සිදු කළ විමසීමකදීය .
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ වික්ටෝරියා ජලාශයේ පිරී තිබෙන පරිමාවෙන් මතුපිට පෘෂ්ඨයේ ඇති මිලිමීටර දෙකක් පමණ උසට ඇති කොටස සාමාන්‍යයෙන් වාෂ්ප වන බවත් දැනට පවතින දැඩි අව් රශ්මිය හේතුවෙන් එම ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත්ය .
ප්‍රංශය, ජර්මනිය, කොරියාව, චීනයවැනි රටවල පවතින මෙවැනි ජලාශයන් මත පාවන සූර්ය පැනල සවි කිරීම මගින් මෙවැනි කාලගුණික තත්වයන් වලදී වාෂ්ප වන ජල ප්‍රමාණය අවම කරගැනීමට ක්‍රමවේදයන් සකසා ඇති බවත් ඒ තුළින් අමතර විදුලි උත්පාදනයක් ද ඔවුන් සිදු කර ගන්නා බවද පැවසීය .
popular news
-
මුදිත් Wednesday, 09 August 2023 09:35 AM
ඕකනේ කියන්නේ ජපන් ජබර පාසි වගේ දේ තියන්ත කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

