සංචරණ සීමා කාලයේදී වරාය සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලබාදී තිබූ අවසර පත්‍රය යොදා ගනිමින් සුඛෝපභෝගි බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු, කොන්දොස්තර සමග බස් රථය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.
ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එම අවස්ථාවේදි කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් තිබූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම කේරළ ගංජා තොගය අක්කරපත්තුව නගරයේදී භාර ගැනීමට පැමිණි යතුරු පැදියක් හා තවත් දෙදෙනෙක් පොලිස් භාරයට ගෙන ගෙන තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.