රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග දැන් ලැබී ඇතැයි බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට සහය වන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.
“ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ඇතත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග අප සතුව පවතී. දැනට ලැබී ඇති ඉන්ධන ප්‍රමාණයට අමතරව තවත් ජෙට් ඉන්ධන හා ඩීසල් තොගයක් ගොඩ බෑම ආරම්භ කර තිබේ.
යාත්‍රා දෙකක රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක්(120,000) අමෙරිකානු ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසු ගොඩ බෑම පටන් ගෙන ඇත. දැනටමත් තිබෙන ගල් අඟුරු තොග සහ අලුතින් ලැබී ඇති තොග එක්ව ගත් විට ගල් අඟුරු බලාගාර මෙගා වොට් 810 ක උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට ප්රමාණවත්ය," ඇමතිවරයා සඳහන් කරයි.
තැනින් තැන සිදු කෙරෙන උද්ඝෝෂණ හා මාර්ග අවහිර කිරීම් නිසිපරිදි රටපුරා ඉන්ධන බෙදා හැරීමට බලවත් බාධාවකැයි විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජන ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට ඊට සහය වන්නැයි බලශක්ති ඇමතිවරයා ජනතාවට පවසයි.