අවුරුදු 16ක දැරිය අපයෝජනය කළ පළාත් මන්ත්රි රත්තරන්ට ඇප
අවුරුදු 16ක දැරියක් දේවාලයකදී බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා සන්ධාන මන්ත්රී ක්රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඇප නිදහස් කර තිබේ.
සැකකාර මන්ත්රීවරයා අද (28දා) අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල ප්ර ධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහුව රුපියල් 25000ක මුදල් ඇපයක් හා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්රාත් හර්ෂ කැකුණවෙල මහතා නියෝග කළේය.

popular news
-
Champa Thursday, 28 February 2019 07:52 PM
ඔන්න දැක්කනේ ඉතින්. මගේ comment එක කපල. ලියපුව මතකත් නැහැ ඒ තරම් කේන්තියෙන් ලියපු නිසා. මගේ comment එක කපපු එකෙන් අපරාධකාරයාව ආරක්ෂා කරලා තියෙනව. සුනඛයාට ඇප දුන්නු හින්ද බරපතල අපයෝජනයකට ලක්වුණු අහිංසක ලාබාල වින්දිතයට බරපතල අසාධාරනයකුත් වෙලා තියෙනව. මම ඇහැව්වා මෙහෙම ඇප ලැබෙන්න මේ මිනිහ වෙනුවෙන් පෙනී හිට්යේ දැන් ඉන්න සහ හිටපු ද කියලා. ඒකට මගේ comment එක කපලා දාලා. පුදුම වැඩක්නේ ලංකාවම දන්නා දේ ලියන්න බැහැ. "අද" පත්තරේ බය ගුල්ල. කවදද කොන්දට පණ ගන්නේ? දැන් මං කලින් ලියපු comment එක ඕක ඉංගිරිසියෙන් ලිව්වහම මීට වඩා හුඟ දෙනෙක් දකියි ඔන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

