www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
චාමර සම්පත්/ ඡායරූප - ඒශාන් ප්‍රනාන්දු
රක්ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අද (23දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.
මේ සඳහා මහා සංඝරත්නය, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ දේශපාලනඥයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් මීට සහභාගි වූහ.
මර්දනය පිටුදැකීමට, අවනීතිය පිටුදැකීමට සියලු දෙනා එකතුවිය යුතු බව එහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩනොදෙන බවත්, සියලුදෙනා එක්ව සිටියහොත් පහුසවෙන් මර්දනය වැළැක්විය හැකි බවත් හෙතෙම පැවසීය. එසේම පාඨලී චම්පික රණවක මහතාගේ නිදහස වෙනුවෙන් නීත්‍යනුකූලව සිදුකළ හැකි සියලු දේ සිදුකිරීමට තම පෙරමුණ කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.
මෙම සත්‍යක්‍රියාව සඳහා එක්වූ සියලු දෙනා පන්දම් දල්වමින් නිහඬ සත්‍යග්‍රහයක නිරත වූහ.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd